20 August 2025

logo

ඉන්දීය ජාතිකයන් 11ක් අත්අඩංගුවට



අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ ඉන්දීය ජාතික සැකකරුවන් 08ක් සහ සැකකාරියන් 03ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තලංගම පොලීසිය විසින්.

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී ඊයේ (04) තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ එහිදී පරිගණක හා ජංගම දුරකථන උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ විදේශ ජාතික සැකකරුවන් 08දෙනෙක් සහා සැකකාරියන් තිදෙනෙක් ජංගම දුරකථන 20ක්, ලැප්ටොප් පරිගණක 03ක් හා ටැබ් යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත් බවයි. 

(colombotimes.lk)