ජර්මන් ජාතිකයෙක් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 5දෙනෙක්ට අද (21) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද මළුව දක්වා ගමන් කරන අතරවාරයේදීයි.
ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ විදෙස් ජාතිකයා ඇතුළු 6දෙනා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ එම තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.
එමෙන්ම මස්කෙළිය බ්‍රවුන්ලෝ වතුයායේ වැඩකරමින් සිටි වතුකම්කරුවන් 5දෙනෙක්ටද අද (21) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
වතුයායේ පාලන අධිකාරී නිලධාරීවරයෙක් සඳහන් කළේ එලෙස තුවාල ලැබූ පුද්ගලයන් 05දෙනා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි.
(colombotimes.lk)
