නිරිතදිග පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතුව හටගත් බවයි.
පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
(colombotimes.lk)
