චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන අප්‍රිකානු රටවල් 53ක් සඳහා එළඹෙන මැයි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 'ශුන්‍ය තීරුබදු' සහනය ලබාදීමට චීන රජය තීරණය කර තිබෙනවා.
චීන රජය සඳහන් කළේ මෙම ඓතිහාසික තීරණයට අනුව අප්‍රිකානු රටවල්වලින් චීනයට ආනයනය කරන භාණ්ඩ සඳහා කිසිඳු බද්දක් අය නොකරන බවයි.
මෙම පියවර මඟින් චීනය සහ අප්‍රිකානු මහද්වීපය අතර ආර්ථික සහ වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
