17 February 2026

logo

ගාසා තීරයේ පුද්ගලයන් 11ක් ජීවිතක්ෂයට



ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ කූඩාරම් සහිත කඳවුරක් වෙත ඊයේ (15) ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 6දෙනෙක් මියගොස් ඇති අතර ගාසා තීරයේ දකුණු පෙදෙසට එල්ල වූ තවත් ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 5දෙනෙක් මියගොස් තිබෙන බවයි. 

කෙසේවෙතත් හමාස් සංවිධානය මඟින් සටන් විරාම ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා. 

(colombotimes.lk)