09 October 2025

logo

වියට්නාමයේ පුද්ගලයන් 12ක් අතුරුදන් වෙයි



වියට්නාමයට බලපා ඇති 'බුවාලෝයි' සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයන් 12දෙනෙක් අතුරුදන් වී ඇති බවයි. 

මෙලෙස අතුරුදන් වී ඇත්තේ ධීවරයන් පිරිසක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

වියට්නාමයට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 28,500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

මීට අමතරව වියට්නාමයේ ගුවන්තොටුපළවල් 04ක් තාවකාලිකව වසා දැමීමට ද එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

(colombotimes.lk)