2026 T20 ලෝක ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ පාකිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ නම් ඔවුන්ට මාර්තු 4වනදා කොළඹදී පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වන බවයි.
එමෙන්ම පාකිස්ථානය සුදුසුකම් නොලැබූවත් ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඉන්දියාව හැර වෙනත් කණ්ඩායමක් හමුවන්නේ නම් ශ්‍රී ලංකාවට කොළඹදී පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනවා.
පාකිස්ථානයත්, ශ්‍රී ලංකාවත් සුදුසුකම් නොලැබුවහොත් පළමු අවසන් පූර්ව තරගය කොල්කටාහිදීත්, දෙවන අවසන් පූර්ව තරගය මුම්බායිහිදීත් පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවහොත් ඔවුන් දෙවන අවසන් පූර්ව තරගය මුම්බායිහිදී ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔවුන් පාකිස්ථානය හමුවන්නේ නම් එම තරගය කොළඹදී පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.
(COLOMBOTIMES.LK)
