රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කිරීමට වාරිමාර්ග ඉංජිනේරුවරුන් පියවර ගෙන තිබෙනවා.
ඒ දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.
ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කලාවැවෙහි වාන් දොරටු විවෘත කිරීමෙන් පසු රාජාංගනය ජලාශය වෙත ලැබෙන ජල ධාරිතාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේ ජලාශයේ ආරක්ෂාව වෙනුවෙන් ඊයේ (11) පස්වරුව වන විට මෙලෙස වාන් දොරටු විවෘත කිරීමේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගත් බවයි.
ඒ අනුව මේ වන විට ජලාශයේ වාන් දොරටු 04ක් අඩි 06 බැගින්ද, වාන් දොරටු 04ක් අඩි 05 බැගින්ද, වාන් දොරටු 04ක් අඩි 04 බැගින්ද, විවෘත කර තිබෙනවා.
මේ හරහා තත්පරයට ඝන අඩි 14,287ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බවද වාරි මාර්ග ඉංජිනේරුවරුන් සඳහන් කළා.
(colombotimes.lk)
