12 May 2026

logo

මැයි මුල් දින 10 තුළ සංචාරක පැමිණීම් ඉහළට



මැයි මාසයේ මුල් දින 10 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 46,606ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 

එම අධිකාරිය සඳහන් කළේ අදාළ කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයන් 18,533ක් පැමිණ තිබෙන බවයි. 

එමෙන්ම චීනයෙන් 3,472ක්, එක්සත් රාජධානියෙන් 2,517ක්  සහ ඕස්ට්‍රේලියාවෙන් 2,441ක් ද මෙම කාලය තුළ මෙරටට පැමිණ තිබෙනවා. 

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ 2026 ජනවාරි 01වනදා සිට මැයි 10 දක්වා කාලය තුළ සංචාරකයන් 922,883ක් මෙරටට පැමිණ තිබෙන බවයි. 

ඒ අතරින් ඉන්දියාවෙන් 208,451ක්, රුසියාවෙන් 74,628ක් සහ එක්සත් රාජධානියෙන් 91,362ක් සංචාරකයන් මෙරටට පැමිණ තිබෙනවා. 

(colombotimes.lk)