රාජ්‍ය නිලධාරීන් තුළ යම් බියක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ මාතලේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වූ අවස්ථාවේදීයි.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ රාජකාරි සිදු කිරීමේදී පවතින නීති රෙගුලාසිවලින් යම් බධාවක් ඇති කරන්නේ නම් ඒ සම්බන්ධව දැනුම්වත් කරන ලෙසයි.
එමෙන්ම අවශ්‍ය පරිදි එම නීති රෙගුලාසි වෙනස් කිරීමට කටයුතු කළ හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)
