පරිගණක අපරාධ සිදු කළ බවට සැකපිට විදෙස් ජාතිකයින් 23දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් ගාල්ල වරාය, මාගල්ල හා සම්බෝධි හන්දිය අසල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ගාල්ල වරාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21ත් 47ත් අතර පසුවන ඉන්දීය සහ නේපාල ජාතිකයන් බවයි වාර්තා වන්නේ.
ඔවුන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 10ක්, ජංගම දුරකථන 32ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
