12 May 2026

logo

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි



දිවයින පුරා පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර තිබෙනවා. 

එම සංවිධානය සඳහන් කළේ අදියර 01 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙසත් සහ අදියර 02 යටතේ අවධානයෙන් සිටින ලෙසත් දන්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවයි.
 
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස ද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා. 

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, පාතහේවාහැට, යටියන්තොට, ගඟඉහළ කොරළය, අකුරණ, ගඟවට කෝරළය, දොළුව, පස්බාගේ කෝරළය, පාතහේවාහැට, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, රඹුක්කන, මාවනැල්ල, කෑගල්ල, බුලත්කොහුපිටිය, යටියන්තොට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ නෙළුව, අඹන්ගඟ කොරළය, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, බඩල්කුඹුර, රත්නපුර දිස්ත්‍රික්කයේ කළවාන, ගොඩකවෙල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)