16 September 2025

logo

රතු නිවේදන සහිත ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15දෙනෙක් අත්අඩංගුවට



රතු නිවේදන සහිත සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාව යන රටවලදීයි.

අද (11) පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ ඒ රටවල නීතිමය කටයුතු අවසන් වූ වහාම එම පාතාල සාමාජිකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන කරන බවයි.

(colombotimes.lk)