23 October 2025

logo

දකුණු කොරියාවේ වාහන 15ක් උමගක සිරවෙයි (VIDEO)



දින ගණනාවක් පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර, නාය යෑම් සහ ප්‍රධාන වේල්ලක් පිටාර ගැලීම නිසා දකුණු කොරියාවේ උමගක් තුළ වාහන 15ක් සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එමෙන්ම ගලවා ගැනීමේ සේවකයින් විසින් එම උමග තුළ තිබී මළ සිරුරු 7ක් ගොඩගත් බව වාර්තා වනවා. 
 
දින තුනක ධාරානිපාත වර්ෂාවෙන් පසු මිහෝ ගඟේ ඉවුර කඩා වැටීමෙන් සෙනසුරාදා මංතීරු හතරේ යටි පාලමක් ජලයෙන් යට වී තිබෙනවා. 
 
මාධ්‍ය වාර්තාවලට අනුව මිනිසුන්ට ගැලවීමට නොහැකි තරම් වේගයෙන් ගංවතුර උමග හරහා ගලා ගොස් ඇති බව සඳහන්. 
 
එමෙන්ම උමග වටා ඇති ආරක්ෂක රේල් පීලි දෙපස එල්ලී දිවි ගලවා ගත් පුද්ගලයින් නව දෙනෙකු බේරා ගත් බව කොරියානු හෙරල්ඩ් පුවත්පත පවසනවා. 
 
බස් රථයක් සහ මෝටර් රථ 12ක් ඇතුළුව වාහන 15ක් උමග තුළ සිරවී තිබූ අතර 11 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
Rescue workers pictured in front of a bus take part in a search and rescue operation near a tunnel
Rescue workers take part in a search and rescue operation at an underpass that has been submerged by an flooded river caused by torrential rain in Cheongju, South Korea, July 16, 2023.