31 December 2025

logo

කාම්බෝජ හමුදා සාමාජිකයන් 18කට නිදහස



මාස 05ක කාලයක් තායිලන්තය භාරයේ සිටි කාම්බෝජ හමුදා සාමාජිකයන් 18දෙනෙක් නිදහස් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය ජූලි මාසයේදී දෙපාර්ශවය අතර ඇති වූ දේශ සීමා ගැටුම් අතරතුරදී අදාළ කාම්බෝජ හමුදා සාමාජිකයන් තායිලන්ත බලධාරීන් අත්අඩංගුවට ගත් බවයි.  

ජූලි මාසයේදී දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම් ඇමරිකාවේ සහ මලයාසියාවේ මැදිහත්වීමෙන් සමථයකට පත්වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නමුත් දෙසැම්බර් මාසයේ මුල් සතියේදී යළිත් වරක් තායිලන්ත - කාම්බෝජ දේශ සීමා ගැටුම් උත්සන්න වූ බවයි. 

කෙසේ නමුත් පසුගිය සති අන්තයේදී ඔවුන් යළිත් සටන් විරාමයකට එකඟ වූ අතර එහි කොන්දේසියකට අනුව අද (31) කාම්බෝජ හමුදා සාමාජිකයන් නිදහස් කර තිබෙනවා. 

(colombotimes.lk)