තැපැල් ලිපි බෙදාහැරීම නවතා දැමූ ලොව පළමු රට බවට ඩෙන්මාර්කය පත්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 400ක් පැරණි ඩෙන්මාර්කයේ ජාතික තැපැල් සේවය වන 'PostNord' ඊයේ (30) සිට බලපැවැත්වෙන පරිදි එරට තුළ තැපැල් ලිපි බෙදා හැරීම සම්පූර්ණයෙන්ම නවතා දැමූ බවයි.
2000 වසරේ සිට එරට තුළ ලිපි බෙදාහැරීම් 90%කට වඩා පහතවැටී ඇති බව බෙන්මාර්ක ජාතික තැපැල් සේවය පවසනවා.
ඒ හේතුවෙන් එරට තුළ අන්තර්ජාලය හරහා පාර්සල් සේවා බෙදාහැරීම් වැඩිදියුණු කර සිය ආයතනයේ ලාභ උපරිම කරගැනීමට ඔවුන් සැලසුම්කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම තීරණය ක්‍රියාවට නැංවීමත් සමඟ ඩෙන්මාර්කය පුරා තැපැල් පෙට්ටි 1,500ක් පමණ ඉවත් කර තිබෙනවා.
එමෙන්ම සේවකයින් 4,600න් 1,500ක් පමණ සේවයෙන් පහ කිරීමටද තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
