02 January 2026

logo

ඇෆ්ගනිස්ථානයේ පවුල් 1800කට බලපෑම්



ඇෆ්ගනිස්ථානයේ, කබ්කාන් දිස්ත්‍රික්කයට බලපා තිබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් සිදු වූ ආපදාවලින් පුද්ගලයන් 17දෙනෙක් මියගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයන් 11දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. 

එමෙන්ම නිවසක වහලයක් කඩා වැටීමෙන් එකම පවුලේ පුද්ගලයන් 05දෙනෙක් මියගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිදු වූ ආපදා හේතුවෙන් පවුල් 1,800කට පමණ බලපෑම් එල්ල වී ඇති බවයි.

(colombotimes.lk)