17 September 2025

logo

2023 Cricket World Cup | සිම්බාබ්වේ කණ්ඩායමට ප්‍රභල ඉලක්කයක්



2023 Cricket World Cup එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ A කාණ්ඩයේ තරග 2ක් මේ වනවිට පැවැත්වෙනවා.
 
A කාණ්ඩයේ පළමු තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ සහ නේපාලය අතරයි. 
 
එහිදී නේපාල කණ්ඩායම පන්දුවාර 50ක් තුළ කඩුලු 8ක් දැවී ලකුණු 290ක් ලබා ගැනීමට සමත්වුණා. 
 
පිළිතුරු ඉනිම පන්දුවට පහරදෙන සිම්බාබ්වේ කණ්ඩායම මේ වනවිට පන්දුවාර 14යි පන්දු 3ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 79ක් රැස්කරගෙන සිටිනවා. 
 
 
එහි දෙවන තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අමෙරිකානු කණ්ඩායම අතර පැවැත්වෙනවා. 
 
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 297ක් රැස්කර ගැනීමට සමත්වුණා. 
 
පිළිතුරු ඉනිම පන්දුවට පහරදෙන ඇමෙරිකානු කණ්ඩායම මේ වනවිට පන්දුවාර 9ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 36ක් ලබා සිටිනවා.
(colombotimes.lk)