කඩවත සිට මීරිගම දක්වා වූ අධිවේගී මාර්ගය 2028 වර්ෂය වන විට සාදා නිම කිරීමට පෙර පොතුහැර සිට රඹුක්කන දක්වා වූ අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සම්පූර්ණ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් 2028 වන විට මාස 32ක කාලයකින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.
ඒ අනුව පොතුහැර සිට රඹුක්කන දක්වා වූ කොටසෙහි ඉදිකිරීම් 2028 අප්‍රේල් මස සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර නිමකරන බවත් රඹුක්කන ආශ්‍රිත සෙසු මාර්ග ද ඒ අනුව සංවර්ධනය කරන බවත්ය.
(colombotimes.lk)