07 November 2025

logo

2026 අයවැය අද පාර්ලිමේන්තුවට



2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරු 1.30ට සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

ඒ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8වනදා සිට දින 6ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතයි. 

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5වනදා පස්වරු 6.00ට සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)