මහනුවර ශ්‍රී දළදා මාලිගාව සඳහා නව දියවඩන නිලමේවරයෙක් තෝරාගැනීම සඳහා වන නිලවරණය අද (07) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ මහනුවර බෞද්ධ බලමණ්ඩල ශාලාවේදී අද පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතයි.
මෙවර දියවඩන නිලමේ තනතුර සඳහා 07දෙනෙක් ඉදිරිපත්වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
