06 November 2025

logo

පිලිපීනයටත් හදිසි තත්ත්වයක්



පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් අද (06) එරටට ජාතික හදිසි තත්ත්වයක් (state of national calamity) ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ 'කල්මේගී' සුළි කුණාටුවෙන් පුද්ගලයන් 114දෙනෙක් මිය ගොස් තවත් සිය ගණනක් අතුරුදන් වීමත් සමඟයි. 

මෙම වසරේදී පිලිපීනයට බලපෑ දරුණුතම ස්වභාවික ව්‍යසනය මෙය බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට පුද්ගලයන් 127දෙනෙක් අතුරුදන්වී ඇති බවයි.

මෙම නිවර්තන සුළි කුණාටුව පෙරේදා වන විට පිලිපීන දූපත් සමූහයෙන් ඉවතට දකුණු චීන මුහුද දෙසට ගමන් කර තිබෙනවා.

සිවිල් ආරක්ෂක කාර්යාලය සඳහන් කළේ සුළි කුණාටුවෙන් මිලියන 02කට ආසන්න ජනතාවකට බලපෑම් එල්ල වී ඇති බවයි.

එමෙන්ම ගම්වැසියන් 560,000කට අධික සංඛ්‍යාවක් අවතැන් වී සිටින බවද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)