07 November 2025

logo

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිගේ වැඩ තහනම්



හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබෙනවා. 

අදාළ විදුහල්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම්දී ඇත්තේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් ආයතන සංග්‍රහයේ වගන්ති යටතට ගැනෙන වරදක් සිදුකර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවයි. 
 
ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා වන අදාළ විදුහල්පතිවරයා පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 118ක් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා. 

(colombotimes.lk)