06 November 2025

logo

ඇමරිකාවේ ගුවන්ගමන් කප්පාදුවක් ගැන අනතුරු ඇඟවීමක්



ඇමරිකානු රජයේ වියදම් සඳහා කොංග්‍රසයට ඉදිරිපත් කළ කෙටුම්පත සම්මත නොවීම හේතුවෙන් ගුවන්ගමන් වලින් 10%ක් කප්පාදු කිරීමට සිදු වන බව එරට ප්‍රවාහන ලේකම්වරයා පවසනවා. 

ඔහු කියා සිටියේ එහිදී ගුවන්තොටුපොළවල් 40කට බලපෑම් එල්ල වන බවයි.
 
තවද කෙටුම්පත සම්මත නොවීම හේතුවෙන් ඇමරිකානු මධ්‍යම රජයේ කටයුතු මේ වන විට අඩපණ වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දින 36ක් පුරා එරට රජයේ සේවක වැටුප් ගෙවීම අත්හිටුවා ඇති අතර ඒ යටතේ තවත් රජයේ සේවකයන් ලක්ෂ ගණනක් අනිවාර්ය නිවාඩු යැවීමට සිදුවී ඇති බවයි. 

(colombotimes.lk)