ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75වන සංවත්සරය අදට (09) යෙදී තිබෙනවා.
එහිදී නාවික හමුදා පුද්ගලයන් 2,086ක් වෙත උසස්වීම් පිරිනමා තිබෙන බවයි වාර්තා වන්නේ.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ නිර්දේශය මත මෙම උසස්වීම් පිරිනමා තිබෙනවා.
ඒ අනුව නිලධාරීන් 17දෙනෙක් ඊළඟ නිලය වෙතත්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 2069දෙනෙක් ඊළඟ තරාතිරම් වෙතත් උසස් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
