නැගෙනහිර කොංගෝවේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 30දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයන් 20දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි.
රාජ්‍ය විරෝධී කැරලිකරුවන් සහ එරට ආරක්ෂක අංශ අතර පැවති ගැටුම් අතරතුර මෙම පිපිරීම සිදු වී තිබෙනවා.
එරට ආරක්ෂක අංශ සඳහන් කළේ නැගෙනහිර කොංගෝවේ විරෝධතාවල නිරත වූ කැරලිකරුවන් 100ක පමණ පිරිසක් ඔවුන් විසින් අත්අඩංගුවට ගත් බවයි.
(colombotimes.lk)
