12 December 2025

logo

වෙනිසියුලාවෙන් ඇමරිකාවට චෝදනා



ඇමරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක් කොල්ල කා ඇති බවට වෙනිසියුලානු රජය චෝදනා කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ආරක්ෂක අංශ මඟින් වෙනිසියුලානු තෙල් නෞකාවක් සිය භාරයට ගත් බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් වෙනිසියුලානු රජය මෙම චෝදනාව සිදු කර ඇති බවයි. 

වෙනිසියුලානු වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී ඇමරිකානු ආරක්ෂක අංශ විසින් අදාළ නෞකාව සිය භාරයට ගෙන තිබෙනවා.

ඇමරිකාව සඳහන් කළේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානවලට සහාය දක්වන නීතිවිරෝධී තෙල් නැව් ජාලයට සම්බන්ධ නෞකාවක් ආරක්ෂක අංශ මෙලෙස සිය භාරයට ගෙන ඇති බවයි.

(colombotimes.lk)