10 December 2025

logo

ජපානයේ සිදු වූ භූ කම්පනයෙන් පුද්ගලයන් 30කට තුවාල



ජපානයේ ඇති වූ භූ කම්පනයෙන් පුද්ගලයන් 30දෙනෙක් තුවාල ලබා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (08) ඊසාන දිග ජපානයේ අමෝරි කලාපයේ වෙරළට කිලෝමීටර 80ක් පමණ දුරින් කිලෝමීටර 50ක් ගැඹුරින් රික්ටර් මාපකයේ 7.5ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයන් හටගත් බවයි.

භූ කම්පනයත් සමඟ ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර තිබුණා. 

කෙසේවෙතත් සෙන්ටිමීටර් 70ක පමණ උසකින් මුහුදු රළ ගොඩබිමට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. 

සුනාමියෙන් කිසිඳු පුද්ගලයෙක්ට ජීවිත හානි සිදු වී නොමැති අතර භූකම්පනය හේතුවෙන් එම ප්‍රදේශයේ දහස් ගණනක් ජනතාව නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ගොස් තිබෙනවා. 

(colombotimes.lk)