ජපානයේ රික්ටර් මාපක 7.6ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජපානයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල මෙම භූ කම්පනය හටගත් බවයි.
මේ හේතුවෙන් හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ ප්‍රාන්ත සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ ජපානයේ ඊසානදිග වෙරළ තීරයට මීටර් 03ක් උස සුනාමි රළ ඇති විය හැකි බවයි.
(colombotimes.lk)
