නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට අයත් පුද්ගලයන් 806දෙනෙක් පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන පවසනවා.
ඔහු කියා සිටියේ ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමඟ වාර්ෂාව පතිත වීම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි.
එමනිසා ඊයේ (10) දිනයේදී අදාළ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
