10 December 2025

logo

06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන විශේෂ නිවේදනයක්



05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල්වල 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍ර විදුහල්පතිවරුන් විසින් මාර්ගගත පද්ධතියට යොමු කිරීමේ කාලය දීර්ඝ කර තිබෙනවා. 

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමේ හැකියාව දෙසැම්බර් 05වනදායින් පසුව අක්‍රීය වන බව දන්වා තිබුණ ද පවතින ආපදා තත්ත්වය හමුවේ එම දිනය දෙසැම්බර් 12වනදා දක්වා සංශෝධනය කර ඇති බවයි. 

මේ අතර 2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත්වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන පණිවුඩ අසත්‍ය ප්‍රචාර බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)