26 January 2026

logo

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අලුතින් 213දෙනෙක්



රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213දෙනෙක්ට පත්වීම් ලිපි ප්‍රධානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ප්‍රධානය හෙට (27) උදෑසන 9.30ට කොළඹ පදනම් ආයතනයේදී සිදු කිරීමට නියමිතයි.

එම තනතුර සඳහා 226දෙනෙක් බඳවා ගැනීමට අනුමැතිය හිමිවී ඇති අතර සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව සුදුසුකම් සපුරා ඇති 213දෙනෙක් මේ සඳහා තේරී පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)