02 January 2026

logo

බ්‍රිතාන්‍යයෙන් මෙරටට ලබාදෙන ආධාර ප්‍රමාණය ඉහළට



අයහපත් කාලගුණයෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන මානුෂීය ආධාර ප්‍රමාණය ස්ටර්ලිං පවුම් මිලියනයක් දක්වා ඉහළ දමා තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය මීට පෙර ස්ටර්ලිං පවුම් 675,000ක මානුෂීය ආධාර ප්‍රමාණයක් ලබාදෙන බවට නිවේදනය කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

බ්‍රිතාන්‍ය විසින් ලබාදුන් හදිසි ආපදා සහනාධාර මේ වන විටත් ආපදාවලින් දැඩි ලෙස හානි වූ ප්‍රදේශවලට බෙදා දෙමින් පවතිනවා.

(colombotimes.lk)