06 December 2025

logo

මාලදිවයින ශ්‍රී ලංකාවට ටින් මාළු පරිත්‍යාග කරයි



ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ශක්තිමත් මිතුදම සහ කලාපීය සහයෝගීතාව පිළිබිඹු කරමින් ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත බෙදාදීම සඳහා ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. 

බහාලුම් 14ක අසුරන ලද මෙම ටූනා ටින් මාළු තොගය ඊයේ (05) පස්වරුවේ මාලදිවයිනේ මහ කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ආපදාවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම ඇතුළු සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සහය වෙමින් මාලදිවයින් රජය මෙම පරිත්‍යාගය සිදු කර තිබෙනවා. 

(colombotimes.lk)