06 December 2025

logo

මත්ද්‍රව්‍ය පිරවූ බෝට්ටුවක් හමුවෙයි



කල්පිටිය බත්තලංගුණ්ඩුව මුහුදු තීරයේ බෝට්ටුවක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා. 

ඒ ඊයේ (06) රාත්‍රියේ නාවික හමුදාව සිදු කළ මෙහෙයුමකදීයි. 

එම බෝට්ටුව තුළ තිබී අයිස් කිලෝග්‍රෑම් 63ක් හා හෙරොයින් කිලෝග්‍රෑම් 14ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් සඳහන් කළා. 

ඔහු කියා සිටියේ බෝට්ටුවේ හිමිකරු හා ඔහුගෙ පුත්‍රයා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් තිබෙන බවයි. 

(colombotimes.lk)