02 January 2026

logo

රොහාන් ජයවික්‍රම සජබයෙන් ඉල්ලා අස්වෙයි



සමගි ජන බලවේගය වැලිගම ආසන සංවිධායක මෙන්ම වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම එම පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. 

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරමින් ඔහු සඳහන් කළේ පක්ෂයේ වත්මන් ප්‍රතිපත්ති පිළිබඳ තමන් සෑහීමට පත් නොවන බවයි. 

මෙය ස්වාර්ථසාධක දේශපාලන පියවරක් නොව, මාතෘභූමිය අභියස පවතින කෙටි මධ්‍යම සහ දීර්ඝ කාලීන අභියෝග ජයගැනීම වස්, පෞද්ගලික අභිමතාර්ථයත් පසෙකලා ගනු ලැබූ තීරණයක් බවත් ඔහු සිය ලිපියෙන් අවධාරණය කර තිබෙනවා. 

(colombotimes.lk)