චීනයෙන් වසර මිලියන 240ක් පැරණි මකර ෆොසිලයක් හමුවෙයි



වසර මිලියන 240ක් පමණ පැරණි මකරෙකු වැනි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

මම ෆොසිලයේ දිග අඩි 16ක් පමණ වනවා.

විද්‍යාඥයන් පවසන්නේ මෙය ඈත අතීතයේ ජීවත් වූ බවට විශ්වාස කෙරෙන ජලජ උරගයකුගේ ෆොසිලයක් බවයි.

එම සත්ත්වයාගේ විද්‍යාත්මක නාමය ලෙස සඳහන්ව ඇත්තේ 'Dinocephalosaurus orientalis' යන්නයි.

මෙම ෆොසිලයේ කොටස් පළමුවෙන්ම හමු වී ඇත්තේ 2003 වසරේ දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකින්.

පසුව විද්‍යාඥයන් විසින් සිදු කළ පර්යේෂණ අනුව මේ වන විට සම්පූර්ණ ෆොසිලය මතුකර ගෙන තිබෙනවා.

මෙම සත්ත්වයාගේ බෙල්ල අතිශයින් දිගු නිසා, එම සත්ත්වයා මකරෙකු විය හැකි බවයි අනුමාන කෙරෙන්නේ.
(colombotimes.lk)