හැටන් - සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන් වී තිබෙනවා.
Colombo Times අප වාර්තාකරු සඳහන් කළේ මෙලෙස අතුරුදන් වී ඇත්තේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් බවයි.
ඔහු තවත් මිතුරන් 06දෙනෙක් සමඟ ඊයේ පස්වරුවේ ඡායාරූප ගැනීම සඳහා ජලාශයට ඉහළන් වූ සිංගිමලේ රක්ෂිතයට ගොස් තිබෙනවා.
ඉන්පසුව ඡායාරූප රැගෙන ජලාශයේ වේල්ල මතින් ගමන් කරමින් සිටියදී ජලාශයෙන් පය සේදීමට උත්සාහ කිරීමේදී සිසුවා ඊට ඇද වැටී අතුරුදහන් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)