2026 වසරේ අවසාන වන විට සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම අපෙක්ෂිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ අද (09) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ පාසල් 1000කට සුහුරු පුවරු සහ අනෙකුත් තාක්ෂණ උපකරණ ලබාදීමට යෝජනා කර තිබෙන බවයි.
එමෙන්ම මේ වන විට සුහුරු පුවරු 1900ක් පාසල් 1500ක් වෙත බෙදාදීමට නියමිත බව ඇය වැඩිදුරටත් කියා සිටියා.
අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ 2026 වසරේ අවසානය වන විට සියලුම ද්විතීය පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීමට අපේක්ෂිත බවයි.
එමෙන්ම රුපියල් 5000ක අසීමිත දත්ත පැකේජයක් හඳුන්වාදී තිබෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)