අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියම කර තිබෙනවා.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග නියෝග කළේ ඇයව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත නිදහස් කළ බවයි.
කෙසෙල් වත්ත පොලීසිය මඟින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේවෙතත් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකාරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළ අනෙක් නඩුකරය අද (09) දහවල් කැඳවීමට නියමිතයි.
(colombotimes.lk)