වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කළේ වාහනවල පවතින විවිධ දෝෂ රිය අනතුරුවලට එක් හේතුවක් බවයි.
එමෙන්ම දැනට මෙරට ලියාපදිංචි වාහන සංඛ්‍යාව ලක්ෂ 80ක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ඉන් ලක්ෂ 40ක් යතුරුපැදි වන අතර ත්‍රීරෝද රථ ලක්ෂ 13ක් වන බවයි වාර්තා වන්නේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දිස්ත්‍රික් මට්ටමින් වාහනවල තත්ත්ව පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන් 20ක් අලුතින් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දැනට සේවයේ නිරත මෝටර් රථ පරීක්ෂකවරුන් දීපව්‍යාප්තව වාහනවල තත්ත්ව පරීක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.
(colombotimes.lk)