24 February 2026

logo

පිලිපීනයේ පුද්ගලයන් 26කට දිවි අහිමි වෙයි



මධ්‍යම පිලිපීනයේ රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් පුද්ගලයන් 26දෙනෙක් මියගොස් ඇති බවයි. 

සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් මෙම භූ කම්පනය හට ගෙන තිබෙනවා.
 
එලෙස ඇති වූ භූ කම්පනයෙන් තවත් පුද්ගලයන් 147දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ 

භූ කම්පනය හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුවී තිබෙනවා. 

(colombotimes.lk)