ශ්රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් සඳහා සහාය දක්වන ලෝක ආහාර වැඩපිළිවෙළෙහි හදිසි ප‍්‍රතිචාර වැඩසටහන ඉහළ නැංවීමට කොරියානු ජනරජයේ සහාය ලබාදී තිබෙනවා.
ඒ අනුව කොරියානු ජනරජය ඇමරිකානු ඩොලර් 500,000ක දායකත්වයක් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙළට ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම සහයෝගය මඟින් ශ‍්‍රී ලංකා රජයේ අඛණ්ඩ ප‍්‍රතිචාරය ශක්තිමත් කරන අතර ජීවනෝපායන් අඩපණ වී ඇති 32,000කට ආසන්න පිරිසකට සහාය වීමට හැකි බව ලෝක ආහාර වැඩපිළිවෙළ සංවිධානය පවසනවා.
(colombotimes.lk)
