19 October 2025

logo

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 30ක ජල කප්පාදුවක්



හෙට (20) පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ හෙට (20) ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පෙරවරු 8.00 සිට පසුදින එනම් (21) දින ප.ව.2.00 දක්වා වූ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි.

ඒ ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙත ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත් වැඩියාවක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ජල සැපයුම අත්හිටුවීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසද ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)