සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදී තිබෙනවා.
පසුගියදා විශේෂ මෙහෙයුමකින් අනතුරුව එම පිරිස පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ නේපාලයේ රැඳී සිටියදීයි.
එහිදී ඉෂාරා සෙව්වන්දිට අමතරව ඇයට ශ්‍රී ලංකාවෙන් පළා යාමට සහය දැක්වූ ජැෆ්නා සුරේෂ්, ජේ. කේ. බායි සහ කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ ජාලයට සම්බන්ධ ගම්පහ බබා, නුගේගොඩ බබී සහ තක්ෂි යන අයද අත්අඩංගුවට ගනු ලැබුවා.
(colombotimes.lk)