23 February 2025


වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 39කට වැඩ වරදියි



පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (22) සිදු කළ වැටලීම්වලින් වැඩි මිලට සහල් අලෙවි කළ සහ තොග සඟවාගෙන සිටි වෙළෙඳුන් 39දෙනෙක්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම වැටලීම් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 16ක්, තොග සඟවා සිටි වෙළෙඳුන් 10ක් සහ මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳුන් 10ක් ඒ අතරට ඇතුළත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

එම වැටලීම් අතරතුරදී කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 270ත් 310ත් අතර මිලකට අලෙවි කළ වෙළෙඳුන්ද හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)