මධ්‍යම කඳුකරයේ බටහිර මායිම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියලි කාලගුණය සමඟ කාසල්රි ජලාශයට මායිම්ව පිහිටි කාසල්රි වතු රක්ෂිතයේ අද (23) ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් රක්ෂිතයේ අක්කර 5ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
කාසල්රි ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරීන් සැක කරන්නේ ඉලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවයි.
(colombotimes.lk)