සිංහල අලුත් අවුරුද්දෙන් පසුව දළදා වහන්සේගේ මහජන ප්‍රදර්ශනක් පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ අද (23) ඔහු මහනුවර දළදා මාළිගයට පැමිණි අවස්ථාවේදීයි.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ දළදා ප්‍රදර්ශනයක් වසර 16කින් පමණ පවත්වා නොමැති බවයි.
ඒ අනුව ඒ සම්බන්ධව මහනාහිමිවරුන් සමඟ සාකච්ඡා කළ බවත් උන්වහන්සේලා ඊට කැමැත්ත පළ කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙම ප්‍රදර්ශනය සඳහා මධ්‍යම පළාත් මහ ඇමැතිවරයාගේ සහ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහය ලබාගන්නා බවද ජනාධිපතිවරයා කියා සිටියා.
(colombotimes.lk)