24 February 2025


නීති විරෝධී සිගරට් සමඟ කාන්තාවක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට



රුපියල් මිලියන 1.5ක් වටිනා විදේශීය සිගරට් තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කරමින් සිටි ශ්‍රී ලාංකික මගියෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින්.

එම මගියා කඩවත සූරියපාලුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

ඇය ඊයේ (22) පස්වරු 03.30ට ඩුබායි සිට 8D-824 දරන ෆිට්ස් එයාර් ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබෙනවා.

(colombotimes.lk)