අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ ආබාධ සහිත ප්‍රජාවේ අධ්‍යාපනය ඉහල නැංවීම සඳහා එම ප්‍රජාව නියෝජනය කරන ආයතන හා සම්බන්ධ පිරිසක් සමඟ පැවති හමුවකදීයි.
එහිදී ඔවුන් විසින් දේශීය හා ජාත්‍යන්තර සම්මතයන් සැලකිල්ලට ගනිමින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් සැකසූ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.
එම යෝජනාවලියේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතීන් ශක්තිමත් කිරීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා ඔවුන් වෙනුවෙන් උසස් අධ්‍යාපන මට්ටම් හඳුන්වාදීම ආදී කරුණු පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)